Без кейворда
Underground News from Sri Lanka
Ad Code Latest News Advertisement Trending/feat-big Advertisement Recent postsපෙම් යුවළකට කඩුවකින් පහරදී ‘දංකොටුවේ අවා’ ගේ කල්ලිය යතුරු පැදිය කොල්ලකාලා
March 29, 2026දංකොටුව ප්‍රදේශයේදී තරුණයෙකුට සහ ඔහුගේ පෙම්වතියට කඩුවලින් පහර දී තුවාල සිදුකොට යතුරුපැදියක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව 22 හැවිරිදි අඹුසැමි යුවළක් හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 26 වැනිදා සවස වෙන්නප්පුව ලුණුවිල කිරිමැටියාන හන්දියේදී මොවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර, එම අවස්ථාවේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 260ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
පරිස්සම් වෙන්න ඉන්ධන කළු ජාවාරම තවමත්
March 29, 2026මේ වන විට දිවයින පුරා ඉන්ධන සම්බන්ධයෙන් දැවැන්ත කළු ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, ජාවාරම්කරුවන්ගේ වුවමනාවන්ට වඩා සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සඳහා මූලිකත්වය ලබා දිය යුතු බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 27 වැනිදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.
තාම විදුලිය වැඩිපුර හදන්නෙ ජලයෙන්
March 29, 2026දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් තවදුරටත් ජල විදුලිය මගින් සපයන බව ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය පෙරේදා (27) නිවේදනය කළේය. එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මේ වන විට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 3000 සීමාව අඛණ්ඩව ඉක්මවා ගොස් ඇති බවයි.
වාර්තාගත මෙට්‍රික් ටොන් 55,000ක වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සමත්වේ
March 28, 2026මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු යටතේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 55,000ක පමණ ප්‍රමාණයක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සමත්ව තිබේ. දිවයින පුරා මෙම කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් මධ්‍යස්ථාන 139ක් මේ වන විටත් සූදානම් කර ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කරයි.
තායිලන්තයෙන් රැගෙන ආ සුරතල් සතුන් තිස් අට දෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායකදී අල්ලයි
March 28, 2026වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මෙන්ම සත්ව රෝග ආඥාපනත ද උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ සුරතල් සතුන් තිස් අට දෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී බලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. රුපියල් නව ලක්ෂ අනූ අට දහසක් පමණ වටිනාකමකින් යුත් මෙම සතුන් තොගය සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් එක්ව පෙරේදා (26) අලුයම සිදු කළ සෝදිසියකදීය.
ගාල්ලේ අවුරුදු කුමරි තරගයට 'පියුමි' නම් වඳුරකු කුලියට දුන් අය අත්අඩංගුවට
March 28, 2026ගාල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු කුමරිය තේරීමේ තරගයක් සඳහා 'පියුමි කරාබු දාගෙන නටන්න' යන නර්තන විශේෂාංගය ඉදිරිපත් කිරීමට 'පියුමි' නමින් හැඳින්වූ වඳුරෙකු කුලියට දුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගාල්ල වන සත්ත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සත්වයා රුපියල් 25,000ක මුදලකට අදාළ නර්තන ශිල්පිනිය වෙත කුලියට ලබා දී ඇති බව වනජීවී විමර්ශනවලදී අනාවරණය වී ඇත.
උණුසුම් තත්ත්වය ඉදිරි මැයි මාසයේ අවසානය දක්වාම
March 28, 2026ශ්‍රී ලංකාව පුරා මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය ඉදිරි මැයි මාසයේ අවසානය දක්වාම නොවෙනස්ව පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් ඉන්දීය නෞකාව අද (28) ශ්‍රී ලංකාවට
March 28, 2026පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් වශයෙන් පිරිපහදු කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් ඉන්දීය නෞකාවක් අද (28) දිනයේ ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (27) නිවේදනය කළේය.
පරෙවි දූපත අසළ කිමිදෙමින් සිටි ප්‍රංශ තරුණියට අතවර කරලා
March 28, 2026ත්‍රිකුණාමලය, පරෙවි දූපත ආශ්‍රිත මුහුදු තීරයේදී ප්‍රංශ ජාතික සංචාරක තරුණියකට අතවර කළ බවට චෝදනා ලැබූ තරුණයෙකු කුච්චවේලි සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 26 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු කුච්චවේලි, ගෝපාලපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය තහවුරු කරයි.
ඉංජිනේරු පීඨ පෙම්වතිය හමුවෙන්න හොර කැම්පස් අයිඩී එකින් ඇතුළුවූ පෙම්වතා මාට්ටු
March 28, 2026මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන සිය පෙම්වතිය මුණගැසීමේ අරමුණින්, ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් එම විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු මොරටුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Load More That is All Recent Posts 8/recent/post-list 5/recent2/post-list 5/recent3/post-list 5/recent4/post-list Search Footer Menu Widget© 2008-2026 Gossip Lanka News All Rights Reserved.Gossp Lanka News™ & © Yathura Media Networks (Pvt) Ltd